ඉතාලියේ රෝමයේ මහල් නිවාස සංකීර්ණයක සිදුවු වෙඩිතැබීමකින් කාන්තාවන් තිදෙනෙකු මියගොස් තිබේ.
වෙඩිවැදීමෙන් තවත් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අදාළ නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගැනීම සම්බන්ධ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර තිබේ.
වෙඩිතැබීම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය කාන්තාවන් තිදෙනාගෙන් එක් අයෙකු ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ සමීපතමයෙකු වන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.