Colombo Today Local News

මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න බෑ. අසාද් සාලිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි -බෙංගමුවේ නාලක හිමි.

ජාතික පෙරමුණේ නායක අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අසාද් සාලි මහතාට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි එම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු උන්වහන්සේ,

“රජය මේ වෙනුවෙන් නිහඬව නොසිටිය යුතුයි. බොහොම පැහැදිලිව කියන්නේ මෙයා ගැන අපරාධ විමර්ශන අංශය යොදවලා පරීක්ෂණයක් කරලා, මේ වගේ ප්‍රකාශවලට දඬුවම් දෙන්න ඕනේ. එයා අවධාරණය කළේ මුස්ලිම් අය මුස්ලිම් නීතිය යටතේ මේ රටේ කටයුතු කරන්න ඕනේ කියන එක. එහෙම ඉඩදෙන්න බෑනේ. අපි ආදර්ශයට ගන්න ඕනේ රුසියාවේ ජනාධිපති පුටින්. මුස්ලිම් අයට කිව්වා ඔයගොල්ලෝ ආවේ අපි කියලා නෙමෙයි ඔයගොල්ලන්ගේ උවමනාවට මෙහාට ආවනම් මෙහෙ තියෙන නීතිරීතියට සංස්කෘතියට යටත්ව ඉන්න ඕනේ නැත්නම් යන්න පුළුවන්. ඒ වගේ තමයි අසාද් සාලිටත් කියන්න තියෙන්නේ මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න ඒ අයට අයිතියක් නෑ කියන එක. එහෙම බෑ. ඒක වැරදියි. අසාද් සාලි වගේ අය මේ රටේ ජීවත් වුණාට කමක් නෑ. මට කියන්න බෑ ජීවත්වෙන්න එපා කියලා. මේ රටේ ඉපදුන කෙනෙක් නේ. හැබැයි ඒ අයට අවශ්‍ය විදියේ නීති සම්මත කරගෙන ඒවා අනුව කටයුතු කරන්න ඉඩදෙන්න බෑ. ඒක රටට අහිතකරයි. ඒ වගේ කටයුතු කරන්න ගියාම ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න ඉඩ තියෙනවා.“

Related posts

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

colombotoday

රන්ජන්ගේ හැසිරීම ගැන හිටපු ජනපති කතා කරයි (Video)

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

“රාජපක්ෂ හිටියනම් වාහන මිල වැඩිවෙන්නේ 400%න්.. අපි නිසා මෙහෙමවත් බේරුණා” – නියෝජ්‍ය ඇමති හර්ෂ

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලබාදෙන මුදල් දැඩි පාලනයකට යටත්ව නිදහස් කරන්න ICCයෙන් තීරණයක්

Admin

පාර්ලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායක ජනපතිගෙන් ඉල්ලයි

colombotoday