රක්ෂිත බන්ධනාගත කර ඇති පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස රජයට බලකරමින් කොරියාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට එරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් තීරණය කර තිබෙනවා.
එහි පළමුවැන්න ලෙස කොරියාවේ සැම්සුන් සමාගමේ සේවය කරන ලාංකිකයන් අද සවස උත්ඝෝෂණයක නියෙලුනා. එහිදී ඔවුන් ඉල්ලා සිටියේ ඥානසාර හිමි සමගින් සිරගත කර ඇති රණවිරුවන් වහා නිදහස් කරන ලෙසයි.
බොදු බල සේනා සංවිධානයේ වැඩකටයුතු සදහා කොරියාවේ සේවය කරන තරුණයින් ඉමහත් ශක්තියක් ලබාදෙන බව මීට ඉහත අවස්ථා ගණනාවකදී ඥානසාර හිමි අවධාරණය කර සිටියා.
[mom_video type=”youtube” id=”tbuofZP-NOQ”]