Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

gnasara_thero_11

2016 ජනවාරි මස 26 වන දින හෝමාගම උසාවියේදී ඥානසාර හිමියන් දින 4 කට රිමාන්ඩ් කරන බවට සැලසුමක් ඇති බවට 2016 ජනවාරි 25 රාත්‍රියේ  දී මුස්ලිම් මාධ්‍යවේදියෙක් දැන ගත්තේ  කෙසේද?.

ඒ බව https://colombotoday.com වෙබ් අඩවියේ පළවුයේ (මුලාශ්‍රය https://colombotoday.com/11764-2) 2016 ජනවාරි මස 25 රාත්‍රියේදී මය.

මෙය පැහැදිලිවම රජයේ සමහර නායකයින්ගේ සැලසුමක් නොවේද? සමහර නායකයින්ගේ නම් කියා සමලිංගික නපුංසක ආණ්ඩුවක් බව ඥානසාර හිමි රත්නපුර සඟ සමුළුවේදී කල ප්‍රකාශ මෙයට හේතු වුයේද?  (මුලාශ්‍රය https://www.youtube.com/watch?v=jkRuWzEwtw0)

මේ පිළිබඳ නඩු දැමීමට අසාර්ථක උත්සහයක් ගත් උක්ත එජාප නායකයින්

ජන 25 හෝමාගම උසාවියේ සිද්ධියෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට නීතියේ ප්‍රතිපාදන යොදා ගනීම පිලිබඳ ඉහල මට්ටමේ සාකච්චා කිහිපයක් පවත්වා ඇති බව එම නායකයින් සමග සිටින එහෙත් සිංහල බෞද්ධ පදනමක් ඇති අමාත්‍යවරයෙක්  මේ පිලිබඳ දැනුවත් කර ප්‍රවේසමෙන් වැඩ කරන ලෙස උපදෙස් දුන් බව බොදු බල සේනා ආරංචි මාර්ග පවසයි

මාර්තු මාසයේදී ලංකාවට එන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්  මහා කොමසාරිස්  ෂෙයිඩ් රාද් හුසේන් ලංකාවට පැමිණෙන විට ඇතිවිය හැකි විරෝධයන් නිසා ඥානසාර හිමි ඇතුළු කරදර කාරයන් රිමාන්ඩ් කොට ඔහුව සතුටු කිරීමට පරිසරයක් සැදීමට කටයුතු කලයුතු බවට සිය සගයන්ට උපදෙස් දුන් නායකයෙක් ගැනද ඔහු ගේ නමද රත්නපුර කතාවේදී ඥානසාර හිමි සඳහන් කල බවද සිරිකොත හිරිකිත ආරංචි මාර්ග පවසයි.

Related posts

අන්තවාදීන් පුනුරුත්තාපනයට ජනපති නිකුත් කල නියෝගය තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

colombotoday

දුම්රියකදී සංචාරකයෙකුගේ දස ලක්ෂයකට විදලා

Admin

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

දිවයිනේ ඕනෑම තැනක ඉන්න කාන්තාවකට ගාස්තු රහිත දුරකතන සේවාවක්

colombotoday

තජුඩීන් ඝාතන සිද්ධියට නාරාහෙන්පිට OIC අත්අඩංගුවට

colombotoday