නේපාලයේ ඩෝටි නම් නගරයේ අද (09) උදෑසන සිදුවූ භූ කම්පනයක රික්ටර් මාපකයේ 6.6ක් සටහන්ව ඇත.
ඒ හේතුවෙන් බටහිර නේපාලයේ ඩෝටි නම් නගරයේ නිවාස විශාල සංඛ්‍යාවක් විනාශවී ඇති බව වාර්තා වේ.
එම භූ කම්පනයේ බලපෑම ඉන්දියාවේ නවදිල්ලි නගරයට පවා දැනී තිබුණු බව ඉන්දීය බලධාරීන් පවසයි.