Colombo Today Local News

ගැබිනි ගුරුතුමියක් රිය අනතුරකින් මරුට

කහටගස්දිගිලිය, රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ යතුරුපැදියක් හා බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් ගැබිනි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (08) දහවල් 2.30ට පමණ රාජකාරී අවසන් කර සැමියා සමග නිවෙස බලා යමින් සිටිය දී මැදවච්චියේ සිට පැමිණි ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබුණි.

23 හැවිරිදි අදාළ කාන්තාවගේ සැමියා බරපතළ තුවාල ලබා කහටගස්දිගිලිය රෝහලට ඇතුළු කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මේ වනවිට අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය කාන්තාව කහටගස්දිගිලිය මුස්ලිම් මහා විද්‍යාලයේ ගුරුවරියක් වන අතර කහටගස්දිගිලිය කිරිඉබ්බැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලීසිය විසින් සිදුකෙරේ.

Related posts

දේශගුණික සෞභාග්‍ය සැලැස්ම ට බ්‍රිතාන්‍ය සහය

Admin

අපේ රැකියා ඉන්දියාවට බිළි දෙන එට්කා එපා – වෘත්තිකයන්ගේ මහ විරෝධය අද හයිඩ් පිටියේ

colombotoday

විදුලි විසන්ධි කරන්නේ කාලසටහනකට

colombotoday

මැතිවරණ කොමිසමේ ලොක්කෝ සාලිය පීරිස් හොර රහසේ හමුවෙලා

Admin

කුඩු ජාවාරම්කරු මොහොමඩ් සිද්ධික් ඇතුළු 5 දෙනෙක් නිදොස් කොට නිදහස්

colombotoday

දෙරණ 360 දී බදුර්දීන් අසරණ වෙයි.. අන්තිමේදී ගූගල් සිතියමත් බොරු කියයි (Video)

colombotoday