Colombo Today Local News

සෞඛ්‍ය වෘත්තීයවේදීන් සංකේත වර්ජනයක

සෞඛ්‍ය ලේකම්වරයා වෛද්‍ය නොවන සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ඉල්ලීම් නොසලකා හැරීමට සහ ඉල්ලීම් 6කට දීර්ඝ කාලයක් තිස්සේ විසදුම් ලබා නොදීම විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය සේවාවන් 15ක් අද පෙරවරු 7ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

මෙම සංකේත වැඩ වර්ජනය හෙට උදෑසන 7.00 දක්වා ක්‍රියාත්මක වන බවත් 50 000ක පමණ වෘත්තීයවේදීන් පිරිසක් ඊට සහභාගී වන බවත් රවි කුමුදේශ් මහතා කියයි.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ‍යින්, ඖෂධවේදීන්, විකිරණ විද්‍යා තාකෂණවේදීන් ඇතුළු සියළු පරිපූරක වෛද්‍ය වෘත්තිකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ඖෂධ සංයෝජක, පවුල් සෞඛ්‍ය නිළධාරීන් ඇතුළු සියළු අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් සහ හෙද වෘත්තිකයින් සහභාගී වෙන මෙම වර්ජනය සදහා වෘත්තීය සමිති 15ක් ඒකාබද්ද්ව කටයුතු කරයි.

මාතෘ රෝහල්, පිළිකා රෝහල්, ළමා රොහල් සහ කොවිඩ් රෝහල්හි මෙම වර්ජනය ක්‍රියාතමක නොවන අතර, හදිසි, අත්‍යාවශ්‍ය හා ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට විධිවිධාන සපයා ඇත.

Related posts

පොලිස් සිරමැදිරිය තුළ සැකකරුවෙකු ගෙල වැළලාගනී

colombotoday

ලියාපදිංචි කර නැති ආයුර්වේද ඖෂධමය පැණියක් රජයේ රෝහල්වල භාවිතය වරදක්

colombotoday

කනක හේරත් ගේ නිවෙසටත් ගිනි තබයි

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

“මේ ඇසෙන්නේ රට බෙදන පෙරහැරේ ෆෙඩරල් කස කාරයන්ගේ හඬයි” – ඉදුරාගාරේ ධම්මරතන හිමි

colombotoday

“මීට පස්සේ කියන්නෙම නැතිව ලයිට් කපනවා.. රටට ඇතිවෙන්න විදුලිය දෙන්න අමාරුයි” – ඇමති අජිත්

colombotoday