Colombo Today Local News

ඊ.පී.එෆ් මහජන සබඳතා කවුළු තාවකාලිකව වැසෙයි | සේවාවන් දුරස්ථව ලබා ගැනීමට දුරකථන අංකයක්

කොළඹ 01 සර් බාරොන් ජයතිලක මාවත, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ මහජන සබඳතා කවුළු අද (11)දින සිට ලබන 20 වැනිදා දක්වා වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි සේවයේ නියුතු නිලධාරින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරුවීම නිසා එම ගොඩනැගිල්ලෙහි පිහිටි මහජන සබඳතා කවුළු මෙසේ වසා තැබෙන බව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි ඒ.ජි.යූ තිලකරත්න මහතා නිකුත්කළ නිවේදනයේ සඳහන් වේ.

කෙසේ වෙතත් සාමාජිකයින්ට හා සේවායෝජකයන්ට සියලු සේවාවන් දුරස්ථව සැලසීමට කටයුතු යොදා තිබෙන අතර වැඩිදුර තොරතුරු සඳහා www.epf.lk යන වබ් අඩවියට වෙත පිවිස දැනගත හැකි අතර ඒ සම්බන්ධයෙන් වන සියලු විමසීම් සඳහා 0112 206 690 – 94 දක්වා වන දුරකථන අංකය ඇමතීමෙන් දැන ගත හැකි බවද සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව කියා සිටී.

Related posts

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

ඥානසාර හිමිට සංඝ රාජ පදවියක්…!

colombotoday

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

රතු වරෙන්තු ඇති ISIS ප‍්‍රබලයන් දෙදෙනෙක් ලංකාවට ඇතුළු වේ..

colombotoday

වයිරසය ආසාදනය වූ අයෙකුගේ පවුලේ සාමාජිකයන්ටත් කොරෝනා

colombotoday