Colombo Today Local News

මහේස්ත්‍රාත්ගේ නිවසට පැන්න කුඩ්ඩා මාට්ටු

පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් නිළ නිවස පිහිටි භූමියට අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එදින රාත්‍රි 7ට පමණ වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පිහිටි මහේස්ත්‍රාත් නිළ නිවසේ ප්‍රධානගේට්ටුවට උඩින් පැන සැගවීමට උත්සාහ දැරීමේදී නිළ නිවසේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් විසින් අල්ලා වාද්දුව පොලිසියට භාරදි ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව, තල්පිටිය ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි පුද්ගලයෙකු බව වාද්දුව පොලිසිය සඳහන් කරයි.

සැකකරු තදින් මත්කුඩු පානයට ඇබ්බැහි වූවකු බවත් ඔහු ඇතුළුවූයේ කුමන කරුණක් සදහාද යන්න සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

පොලිස් ඇමති සමඟ සාකච්ඡාවකින් පසු ඕමාන් ආයෝජකයා ලංකාව හැරයන තීරණය වෙනස්කරයි

Admin

හොර උපාධියනම් මොකා වුනත් අනාවරණය කලයුතුයි

Admin

රවී ඇතුළු අටදෙනා බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයට

colombotoday

එජාපයේ සියළු දෙනා එක්වී විශ්වාසභංගය ගැන තීරණයක් ගනී… අගමැති මාස දෙකක් කල් ඉල්ලයි…

colombotoday

මංගලගේ සුත්තරෙන් අදත් තෙල් මිල ඉහල යන ලකුණු

colombotoday

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday