World

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් අද (08)දිනයේ සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ.

බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

වසර එක හමාරකට පසුව විදේශීය සංචාරකයන්ට අමෙරිකාවේ දේශ සීමා විවෘත කෙරුණි.

ඒ අනුව, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයන්ට අමෙරිකාවට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් වනු ඇත.

අමෙරිකාවට පැමිණීමේදී සංචාරකයින් එරට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නතක් ලබාතිබීම අනිවාර්ය කරුණුක් බව වාර්තා වෙයි.

ගුවන් ගමනට පැය 72කට පෙර ලබාගත් සෘණාත්මක PCR පරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කළ යුතු අතර ඔවුන් නිරෝධායනයෙන් ද නිදහස් කර තිබේ.

අමෙරිකානු බලධාරීන් පවසන්නේ සංචාරක තහනම ඉවත්කර තිබෙන පසුබිමක විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

නැවතත් කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යමින් පවතින අමෙරිකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හාර කෝටි 73 ලක්ෂය ඉක්මවයි.

වසංගතයෙන් එරට සිදුවූ මුළු මරණ ගණන 7 ලක්ෂ 75 දහසකට අධිකය.

Related posts

තවත් මාධ්‍යවේදියෙකු වෙඩිතබා ඝාතනය කෙරේ

colombotoday

කාන්තාවන්ට විනෝද උද්‍යාන තහනම්

Admin

කොරෝනා එන්නත් ප්‍රතික්ෂේප කරන්නන් සිර බාරයට

colombotoday

කොරෝනා සුව වූ රෝගීන්ට යළි වයිරසය සක්‍රීය වීමේ ප්‍රවණතාවක් – දකුණු කොරියාවේ රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය කියයි

colombotoday

පෝලන්ත ජනපතිටත් කොරෝනා

colombotoday

සජිත් ප්‍රේමදාස අනුමත කෙරූ “ක්ලෝරෝක්වින්” ඖෂධය නයිජීරියානුවන්ට විෂ වේ.

colombotoday