Colombo Today Local News

කොවිඩ් මෘතදේහ භූමදානය කල හැකි තවත් භූමියක් තෝරා ගනී

කොවිඩ් මෘතදේහ භූමදානය කිරීම සඳහා නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉරක්කාමම්හි නව භූමියක් තෝරාගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ඉරක්කාමම්හි ඇති මෙම නව භූමිය අක්කර තුනක වපසරියකින් යුතු බවයි.

ඒ අනුව මෙම භූමියෙහි කොවිඩ් මෘතදේහ දෙදහස් හාරසීයක් (2400) පමණ භූමදානය කිරීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම භූමිය මෘතදේහ භූමදානය කිරීමට සුදුසු ස්ථානයක් බවට දන්වා ඇති බවත්, ඒ සඳහා තාක්ෂණික කමිටුව අවශ්‍ය නිර්දේශ ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය අන්වර් හම්දානි පැවසීය.

මේ වනවිට කොවිඩ් මෘතදේහ භූමදානය කරනු ලබන මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටි ඔට්ටමාවඩි සුසානභූමියේ ඉඩ ප්‍රමාණය අවසන් වෙමින් පවතින බවත්, තවත් මෘතදේහ තුන්සීයක පමණ ප්‍රමාණයක් පමණක් එම භූමියේ භූමදානය කිරීමට හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

ඊයේ (10 වැනිදා) පෙරවරුව වනවට ඔට්ටමාවඩි සුසානභූමියේ මෘතදේහ එක්දහස් හාරසිය හැත්තෑවක් (1470) භූමදානය කර තිබේ.

එම කොවිඩ් මෘතදේහ අතර මුස්ලිම් ආගමිකයන්ගේ මෘතදේහ එක්දහස් තුන්සිය අසූ තුනක් (1383), බෞද්ධාගමිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24), හින්දු ආගමිකයන්ගේ මෘතදේහ තිස් නවයක් (39) සහ කතෝලික භක්තිකයන්ගේ මෘතදේහ විසි හතරක් (24) වෙති.

Related posts

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

යුක්රේන සංචාරකයන් රැගත් 11වන ගුවන් යානය මත්තලට.

colombotoday

නව පත්වීම් රැසකට අනුමැතිය

Admin

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව

colombotoday

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.

colombotoday