ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට මහ කොමසාරිස් ඇපල්ටන් මහතා සහතික වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර හමුවක් බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු ද්විපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී අමාත්‍යවරයා සහ මහ කොමසාරිස්වරයා සාකච්ඡා කර ඇත.