World

කොරෝනා සුව වූවන්ට වැළදෙන සුව කරන්න බැරි ලෙඩක් | වෛද්‍ය විශේෂඥයින්ගේ අලුත්ම සොයගැනීම

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිර සීනි මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් පවසයි.

විශේෂයෙන් කොරෝනා ප්‍රතිකාර සඳහා උත්තේජක භාවිත කරන පුද්ගලයින් අතර, මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සඳහන්.

මේ නිසා කලින් දියවැඩියා රෝගය නොතිබූ පුද්ගලයින්ට පවා අලුතින් දියවැඩියාව ඇතිවීමේ තත්ත්වයක් දැකිය හැකි.

ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් 6 න් එකක්, එනම් මිලියන 77 ක් දියවැඩියා රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වනවා.

චීනයේ එම සංඛ්‍යාව මිලියන 116 ක්. මිලියන 32 ඉක්මවූ ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලොව දෙවන විශාලතම ආසාදිත සංඛ්‍යාවයි.

කලින් දියවැඩියා රෝගීන් නොවන කොරෝනා රෝගීන්ගෙන් සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක රුධිර සීනි මට්ටම ඉහළ යාමක් දැකිය හැකියි.

ඒ අනුව කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු ඉන්දියාව තුල දියවැඩියා සුනාමියක් අපේක්ෂා කළ හැකි බවයි මුම්බායිහි දියවැඩියා රෝග විශේෂඥ රාහුල් බක්ෂි සඳහන් කළේ.

Related posts

Breaking News – පාප් වහන්සේ දිවි ගමනට සමු දෙයි

Admin

ඩුබායි රාජ්‍යයේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

Admin

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin

බිලි පූජාවකට ගැහැණු දෙදෙනෙක් වධ දී මරා දාලා…

colombotoday

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday