Colombo Today Local News

එන්නත් මාත්‍රා දෙකම නොගත්අය පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය

කොවිඩ් එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ.

නීතිපතිවරයා විසින් එයට අදාළ අනුමැතිය ලබාදුන් බව මේ පිළිබඳ අදහස් දක්වමින් අද (08)දින පාර්ලිමේන්තුමේන්තුවේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේය.

ලෝකයේ දියුණු රටවල් ගණනාවක් මෙය සිදු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

“ගිය සතියේ මං නීතිපතිතුමාගෙන් අවසරයක් ඉල්ලුවා නීතියේ රාමුව තුළ, අවසරයක් තියෙයි ද කියලා වැක්සීන් දෙකම ගත්තේ නැති කට්ටියට පොදු ස්ථානවලට යන්න බැරිවෙන්න. දැන් මට අද ලැබිලා තියෙනවා එය නීතියානූකූලව කරන්න පුළුවන් කියලා. මම බලාපොරොත්තු වෙනවා එයට නීතියානුකූලව ඒ කටයුත්ත කරන්න. ලෝකයේ දියුණු රටවල් ගණනාවක් ඒ දේ කරලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට වැක්සීන් දෙකම ගන්න පුළුවන් ඇප් එකක් හදලා ඒ ඇප් එක නැත්නම් පොදු ස්ථානවලට යන එක තහනම් කරන්න. ඒකටත් උසාවි යයි. නමුත් ඒකට මුහුණදෙන්න සිද්ධවෙනවා.”

Related posts

මාධ්‍ය නිදහස යහපාලනයෙන් බල්ලට යයි.. මාධ්‍යවේදීන් 2ක් CIDයට දක්කයි. වැඩේ කුජීතයි රාජිත

colombotoday

නව ගුවන් හමුදාපති ජනපති හමුවෙයි

Admin

ජනාධිපති විමර්ෂණ කොමිසම නීති විරෝධියි, හිටපු ජනපතිගෙන් විරෝධයක්, තීන්දුව හෙට.

colombotoday

මෛත්‍රී 65 සමරද්දී ඒකාබද්ධ විපක්ෂය පළමු ආසන බළමණ්ඩලය හක්මණදී පිහිටුවයි

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday