World

වේගයෙන් පැතිරයන ඩෙල්ටා පාලනය ට අපොහොසත් වූ නිලධාරීන්ට දඬුවම්

වේගයෙන් පැතිරයන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් නිලධාරීන් 47 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට චීනය කටයුතු කර තිබේ.

මේ වනවිට ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය එරට ප්‍රදේශ ගණනාවක පැතිරගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අනුමාන කරයි.

සති තුනක් තුළ ආසාදිතයින් 1,000කට අධික ගණනක් හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදය චීනයේ ප්‍රාන්ත 15ක පමණ පැතිර ඇතැයි හඳුනාගෙන ඇත. එරට ප්‍රාන්ත 31ක් තිබේ.

එබැවින් ආසාදිතයින් වාර්තා වී ඇති ප්‍රදේශවල දැඩි නිරෝධායන නීති පනවා සංචරණය සීමාකර ඇති අතර PCR පරීක්ෂණද ඉහළ දමා තිබේ.

වෛරසය පැතිරයෑම පාලනය සඳහා අවශ්‍ය නිසි පියවර කඩිනමින් ගැනීමට අපොහොසත්වන ප්‍රාදේශීය නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට චීන බලධාරීන් කටයුතු කරමින් සිටී.

නිලධාරීන් 47 දෙනෙක්ට එරෙහිව එසේ කටයුතු කර ඇති අතර ඊට පළාත් පාලන ආයතන ප්‍රධානීන්, සෞඛ්‍ය නිලධාරීන්, රෝහල් බලධාරීන් සහ ගුවන්තොටුපොළවල ඉහළ නිලධාරීන් අයත් වෙයි.

නැන්ජින් හි පිහිටි ලුකෝව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි රුසියානු ගුවන්යානයක් හරහා ඩෙල්ටා ප්‍රභේදය චීනය තුළට ඇතුළුවන්නට ඇතැයි එරට බලධාරීන් අනුමාන කරයි.

Related posts

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

Admin

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

එක්සත් රාජධානියෙන් තවත් එන්නතකට අනුමැතිය

colombotoday

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

කලිසම් ඇන්ද වරදට පවුලේ අය එක්ව කෲර ලෙස ඝාතනය කළ නේහා

colombotoday