Colombo Today Local News

උසාවියේදී කොටියාට බැන්නාලු.. ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

ganasara thero 236

බොදුබල සේනා සංවිධානයේ මහලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රංග දසනායක මහතා විසින් නියෝග කර තිබේ.

මෙසේ ඤාණසාර හිමියන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙන්නේ අප්‍රකට මාධ්‍යවේදී, කුප්‍රකට කොටි ඔත්තුකරු ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් නඩුව අද (25) අධිකරණයේ විභාග වෙමින් පවතිද්දී, උසාවි බිම තුළදී එක්නැලිගොඩ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩට බැන තර්ජනය කළ බවට පැමිණිල්ලේ නීතිඥයින් විසින් මහේස්ත්‍රාත්වරයාට දැනුම්දීමෙන් අනතුරුවයි.

ඤාණසාර හිමියන් සන්ධ්‍යා එක්නැළිගොඩට උසාවියේදී බැණවැදුණු බවට මේ වන විට පළවෙමින් පවතින මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බවත්, ඥාණසාර හිමියන් එහිදී පැවසුවේ “රට වෙනුවෙන් ජීවිත පරිත්‍යා‍ගයෙන් යුද වැදුණු රණවිරුවන් “සුද්දන් හැදූ නීතිය යටතේම” සුද්දන් හා ඔවුන්ගේ ඒජන්තයන්ගේ උවමනාවන් අනුව සිරගත කරගෙන සිටීම අසාධාරණ බවත් අඩු තරමින් ඔවුනට ඇප ලබා දීමට හෝ කටයුතු කරන්නැයි” ඉල්ලා සිටි බවත් යැයි එම ස්ථානයේ සිටි අප මාධ්‍යවේදීන් පවසනවා.

Related posts

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

උත්සව සැරසිළි දන්සැල් වියදම් නවතමු, විපතට පත්වූවන්ට සහන දී මේ වෙසගේ පින් පුරමු

colombotoday

ජනපතිගේ ධූරකාලය ගැන නීති විශාරදයෝ මත ගැටුමක !

colombotoday

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

චීන්නු 6000ක් ලංකාවේ රැකියාවල

colombotoday

මැතිවරණ කොමිසමෙන් පළාත් පාලන සහ සහකාර කොමසාරිස්වරුන්ට කැඳවීමක්

Admin