Colombo Today Local News

ආණ්ඩුවෙ ඉන්නවා ප්‍රභාකරන් ආණ්ඩු හැදුවත් ඒකට රිංගලා ඇමැති කටු අරන් ලෙව කකා ඉන්න පිරිසක් – පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

ප්‍රභාකරන් හෙට දවසේ ඉදලා ආණ්ඩුවක් හැදුවත් ඒ ආණ්ඩුවට රිංගලා ඇමැති කටු අරගෙන ලෙව කකා ඉන්න පෙරේතයෝ කීප දෙනෙකු අපේ රජයේ සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා අද (06)දින පැවැසීය.

කොත්මලේ, හපුගස්තලාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා එසේ කීය.

එහෙදී තවදුරටත් අදහස් දැක් වු නිමල් පියතිස්ස මහතා,

යහපාලන ආණ්ඩුව අවසන් කලේ රටට එරෙහිව ක්‍රියා රැසක් පෙල ගස්සපු නිසා. පසුගිය මැතිවරණයේදී හැට නව ලක්ෂයක ජනමතය ගොඩ නගන්න පතාක යෝදයෝ ලෙස කටයුතු කලේ විමල්, වාසු, ගම්මන්පිල වැනි අමාත්‍යවරුන්. මේ රටේ බාල මහලු සියළුම දෙනාම ඒ පිළිබදව හොදාකාරවම දන්නවා. ඒක නිසා කොයි එකා ලගත් ලගින්න පුළුවන් යහපාලනයේ ලැගලා හිටපු හෙට දවසේ ප්‍රභාකරන් ආණ්ඩුවක් හැදුවත් ඒකටත් රිංගන පොරේතයෝ කීප දෙනෙකු අපේ ආණ්ඩුවේ ඉන්නවා. ඒ අය පසුගිය කාලයේ දතකට මැදගෙන හිටියා විමල්, වාසු හා ගම්මන්පිල ඇමැතිවරුන් මේ ආණ්ඩුවෙන් ඉවත් කරලා ඇමැති සුට් දෙක තුනක් අදින්න.

මේ පොදුජන පෙරමුණේ ඉන්නවා එහෙන් මෙහෙන් රැල්ලට ආපු කීප දෙනෙක් වැඩි බහුතරයක් නෙවෙයි. කීප දෙනෙකු බලාන ඉන්නවා කොයි ආකාරයට හෝ රාජ්‍ය ඇමැතිකමක්, කැබිනට් ඇමැතිකමක් ලබා ගැනීම සදහා මජර විදිහට ඒක දිහා බලාගෙන ඉන්න. ජාතියක්, ඡන්මයක්, රටක් පිළිබදව කිසිදු හැගීමක් නැති රැල්ලට ආපු කීප දෙනෙකු නිතරම අපිට බුරන බව දන්නවා. පොදු ජන පෙරමුණේ පස්වන සංවස්සරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන්ට උත්තර ලබා දුන්නා.

ක්‍රිෂාන්තන්

Related posts

රුසියාවගෙන් කිව් නගරය වෙත අඛණ්ඩ ප්‍රහාර මාලාවක්

Admin

පැනමා රහස්‍ය ලිපිගොණු වලට රාජපක්ෂලාත් ගෑවී ඇත්දැයි ආණ්ඩුව හොයයි

colombotoday

අගමැතිතුමා 80 දශකයේදී තරුණයින් වෙනුවෙන් විප්ලවීය සේවාවක් කළා -සාගල රත්නායක

colombotoday

බැදුම්කර හොරුන්ට දඩුවම් ඉල්ලා දූෂණ විරෝධය වීදිබසී.. පාර්ලිමේන්තු මග අහුරා විරෝධතා

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

බරපතල ජාතික උවදුරක පෙරනිමිති !.. හිටපු ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

colombotoday