Colombo Today Local News

සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීම ගැන දැඩිව විමර්ශනය කරන්නැයි, බැසිල්ගෙන් උපදෙස්

රට විවෘත කිරීමත් සමග සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක වන්නේ දැයි ඒ ඒ අංශ දැඩිව විමර්ශනය කළ යුතු බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව පෙන්වා දෙයි.

මෙම කමිටුව අද (02) පෙරවරුවේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ, විඩීයෝ තාක්ෂණය ඔස්සේයි.

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව ජන ඒකරාශි වීම් සිදුවන අතර ඒ සමග කොවිඩ් වසංගතය පැතිර යාමේ අවදානම යළි මතු නොවීමට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය බව එහිදී සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවයට කැඳවීමේදී හා ප්‍රවාහන කටයුතු පිළිබඳ අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ, අදාළ චක්‍රලේඛයන්ට අනුව පවත්වාගෙන යා යුතු අතර එම චක්‍රලේඛ මේ වන විටත් අමාත්‍යාංශ වෙබ් අඩවි මගින් පළ කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය.

වයස අවුරුදු 30 ට වැඩි සමස්ත ජනගහනයෙන් 95 %කට ආසන්න ප්‍රතිශතයකට එන්නත් මාත්‍රා දෙකම ලබාදී තිබෙන අතර අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩයේ සහ සංකූලතා සහිත අවුරුදු 12 – 19 අතර දරුවන් එන්නත්කරණය සාර්ථකව සිදුකෙරෙමින් පවතින බව ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

එන්නත් ලබාදීම පිළිබඳ පුළුල් සංගණනයක් කඩිනමින් සිදුකිරීමට ද කොවිඩ් මර්දන කමිටුව තීරණය කර තිබේ.

Related posts

“ජනතාව ඉල්ලනවනම් මම දේශපාලනයට එන්න සූදානම්” [Video]

colombotoday

බිද වැටුණු එංගලන්තය මුල් ඉනිමට ශක්තියක් වෙමින් පසුපෙළ පිතිකරුවන් සමග එක් වී නවකයෙකු ගොඩ නංවයි..

colombotoday

වාරියපොල විරෝධතාකරුවෝ ඇමති හේරත්ගේ නිවෙසට කඩාවදිති

colombotoday

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවයි

colombotoday