Colombo Today Local News

නිල ඇඳුම් වවුචර්ය ගැන අධ්‍යාපන ඇමතිගේ අලුත් තීරණය…

පාසල් සිසුන්ට ලබාදෙන නිල ඇඳුම් වවුචර් පතෙහි වටිනාකම වැඩි කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ගුරු අධ්‍යාපනඥ සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පැවැති විවෘත තරග විභාගයෙන් සමත් වූවන්ට හා විදුහල්පති සේවයේ 1 පන්තියට උසස් වූවන්ගේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට එක්වෙමින් ඇමැතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම වාර්ෂිකව ගුරුවරු විවිධ හේතු මත දීර්ඝ නිවාඩු ලබාගන්නා අවස්ථාවලදී පාසල්වල සේවය සඳහා යෙදවීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවීමටද අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.

සේවයේ නියුතු ගුරුවරුන් 10000 ට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුව තුළ ඔවුන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවීම සඳහා මෙලෙස ගුරු සංචිතයක් ඇති කිරීමට සැලසුම් කර ඇතැයි ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී පැවැසීය.

 

Related posts

ආණ්ඩුව මහා නහිමිවරුනුත් රවට්ටලා.. අලුත් ව්‍යස්ථා කෙටුම්පතින් හෙළිවේ !

colombotoday

කෝප් කමිටු සභාපතිකම නැවතත් හදුන්නෙත්තිට !

colombotoday

ප්‍රදේශ රැසකට අද වැසි

colombotoday

ජනපති ධජය ඇඳ ඇතිරිල්ලකට ගත් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට

colombotoday

බුද්ධ ශාසන ඇමති මඩකලපුව මංගලාරාමයේදී මාධ්‍යට කී කතාව (Video)

colombotoday

හිටපු ඇමතිකෙනෙක් කියනවා මං අගමැතිට කීකරුයිලු..

colombotoday