දේශපාලනයට සම්බන්ධ වනවාදැයි තමන් තමත් හරිහැටි තීරණයක් ගෙන නොමැති බවත් ජනතාවගෙන් ඉල්ලීමක් ලැබුණහොත් ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඒ මහතා මේ බව කියා සිටියේ බරපතල මූල්‍ය අපරාධ විමර්ශණ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සදහා පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි. වත්මන් විපක්ෂයේ කාර්යභාරය පිළිබදවද රාජපක්ෂ මහතා එහිදී අදහස් දැක්වූවා.