Colombo Today Local News

‍ඉන්දියානු නාවික බලය පෙන්වන්න ‘වික්‍රම්ආදිත්‍ය’ කොළඹ එයි

wickramadithya

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන “වික්‍රමාධිත්‍ය“නෞකාවත් “ මයිසූර්“ නැමැති නෞකාවත් කොළඹ වරායට පැමිණ තිබේ.

දෙරටේ සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධානය කර ඇති වැඩසටහන් රැසකට සහභාගී වීම සඳහා එම නෞකා අද උදෑසන කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන්ය.

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් එම නෞකා තුළදී පුහුණු වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ නෞකා අභ්‍යාසයක් ද සිදුකිරීමට නියමිතය.

ඉන්දීය නාවික හමුදාවේ විශාලතම නෞකාව වන “වික්‍රමාධිත්‍ය“ නෞකාව මීටර් 284ක දිගින් සහ මීටර් 60ක පළලින් යුක්ත වන අතර මහල් 22කින් සමන්විත නෞකාවේ ප්‍රහාරක ගුවන් යානා 36ක් ප්‍රවාහනය කර ගුවන්ගත කිරීමේ හැකියාව පවතින බව සඳහන්ය. මෙම දැවැන්ත යුධ නෞකාව රුසියාවේ නිශ්පාදිත එකකි.

 

Related posts

මුල්ලිවයික්කාල් ස්මාරකය කඩා බිඳ දැමීම යනු දෙමළ ජනතාවගේ හැඟීම් එක රැයකින් සුනුවිසුණු කර විනාශ කර දැමීමට සමානයි..

colombotoday

හමුදාව සතු උතුරේ සියලු ඉඩම් ආපසු බාර දෙන යෝජනාවක් සම්මත වෙයි !

colombotoday

ආච්චිගේ හැට හැවිරිදි පෙම්වතා මිනිපිරිය කෙළෙසයි

colombotoday

සීගිරියේ බිතු සිතුවම් ගුහාවේ බදාම තට්ටුවක් කඩා වැටේ… බලධාරීන් නිහඩයි

colombotoday

පන්දම් දල්වන් සජබෙ මහබාගේ විරෝධතාවක

colombotoday

දුම්රියක ගැටී 16 හැවිරිදි දැරියක් මිය යයි

Admin