Covid 19

පුඩළුඔය ඇඟලුම් කර්මාන්ත ශාලාවක 69කට කොරෝනා අසාදනය වෙයි

පුඩළුඔය ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබේ.

එම ආයතනයේ අසාදිතයන්ගේ ආශ්‍රිතයින් ස්වයං-නිරෝධානයට යොමුකිරීමට පියවරගත් බව කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකු ඊයේ (10)දින රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක්කර තිබේ.

ආසාදිතයන් අතර රියදුරෙකු ද සිටින බවත්, ආසාදිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්, අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු කීය.

Related posts

වැලිසර ආර්ථික මධ්‍යස්ථානයටත් කොරෝනා. | වහාම ක්‍රියාත්මකවන පරිදි වසා දමයි.

colombotoday

කොවිඩ් ආසාදිතයින් 468ක්

colombotoday

මෙරටින් නව කොවිඩ් ප්‍රබේදයක් ?

colombotoday

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 609ක්.. සමාජ පැතිරීමක් නෑ

colombotoday

අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙකු වාර්තා නොවෙයි

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday