Colombo Today Local News

“ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ. ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න බෑ”

අද ලංකාවෙි බඩු මිල ඉහල යන්නේ නූල කැඩුණු සරුංගලයක් වගේ යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පවසයි.

මිල පාලන දෙපාර්තමේන්තුවට රාජකාරි නිසිලෙස කිරීමට නම් රජයට මිල පාලනය ගැන ප්‍රතිපත්තියක් තිබිය යුතු බව කී වජිර අබෙිවර්ධන මහතා භාණ්ඩ මිල පාලනයක් නැති තත්ත්වය දිගටම තිබුනොත් ලබන වසරේ අගෝස්තු වනවිට රට නැවත ගොඩගත නොහැකි ඛේදනීය තැනකට තල්ලු වීම වැලැක්විය නොහැකි බවද සඳහන් කරයි.

ගොවිතැනට හානි වූ විට ගොවියාට සල්ලි දුන්නා කියා ප්‍රශ්නය විසඳන්න නොහැකි යැයි ද දැන් ගොවියාට තම පරිභෝජනය සඳහා ගන්න සීනි, පිටි, ගෑස් පවා නැතැයි ද තියෙන ඒවාත් බොහෝමයක මිල ශීඝ්‍රයෙන් ඉහල ගොස් රට සම්පූර්ණයෙන්ම අර්බුදයකට ගමන් කරමින් තිබෙන බවද වජිර අබෙිවර්ධන මහතා පවසයි.

Related posts

මත්තල ගුවන්තොටුපළෙන් වාර්තාගත ආදායමක් (Video)

colombotoday

අධිකරණයට අපහාස කලා යැයි සනත් නිශාන්තට එරෙහිව තවත් පෙත්සමක්

colombotoday

හයිලෙවල් මාර්ගයේ සිදුවූ අනතුරකින් තරුණයෙක් හා තරුණියක් මරුට

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

colombotoday

සයිටම් තීන්දුව ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක්… වෛද්‍ය සභාවට නොතීසි…

colombotoday