Colombo Today Local News

ආණ්ඩුව ජනතා විරෝධයන් හෑල්ලු කරන වියරු මානසිකත්වයකට පත්වෙලා

ආණ්ඩුව ජන විරෝධතා හෑල්ලු කරන වැඩ පැතිරවීමට තරම් බොළඳ හා වියරු මානසිකත්වයකට දැන් පත්ව තිබෙන බව සමගි ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතා පවසයි.

සමගි ජනබලවේගය මේ රටේ බහුජන සංවිධාන, වෘත්තීය සමිති ද එක්වූ ජන විරෝධයට එක්ව ආණ්ඩුවට දුන් පණිවුඩය අද ආණ්ඩුවට දරාගන්න බැහැ.රජයේ මාධ්‍යයත් ඇතැම් දේශපාලන උවමනාවන් මත නටන වුන්ද එම විරෝධතාවට කළු පැල්ලම් එක්කරන්න වෙහෙසෙනවා. විවිධ මත දරනවුන් සමග එකම හඬක් අපි පෙරේදා විරෝධයෙන් රටට පෙන්නුවා. ඒක දරාගන්න බැරිව සමහරු නන්දොඩවනවා.අපි ආණ්ඩුවට කියන්නේ ජඩකම් නොකර මහජනතාවට තීන්දුවක් ගන්න මැතිවරණයක් තියන්න.එවිට රටේ ජනමතය ආණ්ඩුවට නිසි පිළිතුරු දේවි. මර්දනයෙන්, තර්ජනයෙන් කුමන්ත්‍රණවලින් රැඳුණු ආණ්ඩු නැහැ.ඒවායේ ඇත්තෝ ඉතා ඉක්මනින් බලයෙන් පහව ගියා. සමහර පක්‍ෂ මේ විරෝධතාව තුළින් තමන්ගේ පක්‍ෂයට ලකුණු නැතිවෙයි කියලා නොඑන්න තීරණය කළා. අපිට තිබුණේ දේශපාලනයක් නොවේ.ආණ්ඩුව ගෙන යන මර්දනයට හා ජනතා පීඩනයට පොදු විරෝධයක් දැක්වීමේ පරම අරමුණ විතරයි. ඒක කඩාකප්පල් කරන්න දඟලපු අයගේ වැඩත් අපි දැක්කා. මහර මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ගුණසේකර මහතා මේ බව කීය.

Related posts

CID ය ඉදිරිපිට පොල් ගැසූ සංජය මහවත්ත යළි රිමාන්ඩ්

Admin

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

colombotoday

භික්ෂූන් වහන්සේට ඉරක්කාමම් විහාරය තහනම්.. උසාවි නියෝගයක්.. ඉඩම ඉල්ලා මුස්ලිම් උද්ඝෝෂණ

colombotoday

මන්ත්‍රී ප්‍රසන්න රණවීර කතානායක පුටුවේ වතුර හලයි…

colombotoday

මධ්‍යම පරිසර අධිකාරියේ ටෙන්ඩර් මගඩියක් නිසා විශාල පාඩුවක්…!

colombotoday

ඊ-නිවිස් කතෘ අල්ලන්නැයි ජනපති කීවා යැකි කියන කතාව ගැන ජනපති මාධ්‍ය ඒකකය පැහැදිළි කරයි

colombotoday