Colombo Today Local News

කසල ගොඩක තිබූ ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය මාර්ගය අසල කසල ගොඩක තිබූ ගමන් බෑගයකින් කාන්තා මළ සිරුරක් හමුවී ඇතැයි පොලීසිය පවසයි.

මෙම ස්ථානයෙන් දුඟදක් හමන බවට ප්‍රජා පොලිස් කොට්ඨාසයට ලැබුණු තොරතුක්මත පොලිසිය පැමිණ සොයාබැලීමේදී එහි සැකකටයුතු ගමන් මල්ලක් තිබී ඇත. පසුව එය විවෘත කර බැලීමේදී එය තුළ කාන්තා මළ සිරුරුක් ඇති බවට දැක ඇත.

මෙම මල සිරුරේ අත්පා ගැටගසා ඇති අතර ඝාතනය ලක් වූ කාන්තාව වයස අවුරුදු 35 – 40 අයකුගේ බවට පොලිසිය සැකකරයි.

එම කාන්තාව රතුපාට ගවුමක් ඇඳ ඇතැයි ද පොලිසිය කියයි..

මරණකාරිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් මේ වන විට එම ස්ථානය කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන නිළධාරීන් විසින් පරීක්ෂාවට ලක්කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කැළණීය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධික්ෂණය යටතේ සපුගස්කන්ද පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇතැයි ද ඔහු සදහන් කරයි.

Related posts

IMF වාර්ෂික සමුළුව අද ඇරඹේ

Admin

අධිවේගී මාර්ග බදු දෙන්න, මහා මාර්ග ඇමතිටත් හොරෙන් අගමැතිගෙන් කැබිනට් යෝජනාවක් !

colombotoday

චම්පික රණවක අමාත්‍යදුරයෙන් ඉල්ලා අස් වෙයි ? විපක්ෂ නායක වීමට මාන බලයි

colombotoday

කොත්තු, ෆ්‍රයිඩ් රයිස් මිල 10% කින් අඩු කරයි

Admin

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර කුරණයට අනුව යුක්ති සහගතද?

colombotoday

චමල්, මහින්දානන්ද, විදුර ඇතුළු පහක් ශ්‍රීලනිප සංවිධායක ධුරවලින් ඉවතට ?

colombotoday