ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම බොදු බල සේනා සංවිධානය කැදවා පුද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරනවා.
අද පස්වරු 4ට පමණ සිදු වූ මෙම හමුව සදහා ජනාධිපති මාධ්‍ය ඒකකය හෝ ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සහභාගී කරවාගෙන නොමැති අතර ජනාධිපතිරයා අතිශය පුද්ගලික මට්ටමෙන් එම සංවිධාන නියෝජිතයන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.
අදාළ සාකච්ඡාව සදහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමි, කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සහ බොදු බල සේනා නියෝජිතයන් පිරිසක් සහභාගී වූ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ.