Colombo Today Local News

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකරදෙන්නැයි ඉල්ලමින් පවරා ඇති නඩු 128 දෙසැම්බර් 15 වන දින විමසීමට ගැනීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය තීරණය කට තිබේ.

කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාන වල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් පෙත්සම්කරුවෝ මෙම වන්දි නඩු ඉදිරිපත් කොට ඇත.

Related posts

විල්පත්තුව මුස්ලිම් නිජ භූමියයි – ඇමති රාජිත – VIDEO

colombotoday

“ලියුමේ තිබ්බ මතයේ අදටත් ඉන්නවා.” – ගම්මන්පිලට ඉල්ලා අස්වෙන්න කිවූ සාගර කාරියවසම් අදත් තප්පුලයි

colombotoday

“මේ වහින වැහිල්ල රටට හොදයි.. ආර්ථික වර්ධනය වේගවත් වෙනවා“ – අධ්‍යාපන ඇමති

colombotoday

සිරසට එරෙහිව දෙරණ ලොක්කා ඒක පාර්ශවිය වාරණයක් ලබා ගනියි.

colombotoday

රැම්සා තෙත් බිම ඩෝසර් කළ ‘අයියාට’ මාංචු

colombotoday

ඉදිරි පැය 36 තුලදී බෙංගාල බොක්ක මුහුදේ පීඩන අවපාතයක්

colombotoday