Colombo Today Local News

මන්නා පිහියකින් පියාට පහරදෙන්න ආ පුද්ගලයා ව පුතා ඝාතනය කරයි

බදේදේගම නාගොඩ මාර්ගයේ පරණ බස් නැවතුම්පොළ අසල අවන්හලක් ඉදිරිපිට දී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි අයෙකු බවය.

පහරදුන් පුද්ගලයා නිවසට ගොස් මන්නා පිහියක් රැගෙන පැමිණ හෝටල් හිමිකරුට පහරදීමක් සිදුකර ඇති අතර හිමිකරුගේ පුතා විසින් පියාට පහරදීම දැක අදාළ පුද්ගලයාට මෝල් ගසකින් පහරදීමක් සිදුකර තිබේ.

අදාළ පහරදීම වෙළෙඳසැලේ සවිකර තිබූ CCTV කැමරාවක ද සටහන්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අවන්හල් හිමිකරුගේ 25 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර මියගොස් ඇත්තේ බද්දේගම, කොටගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ට්‍රැමඩොල් පෙති හයදහසක් සමග ජාඇලදී අයෙක් අත්අඩංගුවට…

colombotoday

“විමල් උන්නැහේත් හෙට අනිද්දාම වැලිකඩ යනවා… මට හොදටම විශ්වාසයි“ – ජී.එච්. බුද්දදාස

colombotoday

ශ්‍රීපාදය කරුණා කරන්න මහ සෙනගක්… 15km වාහන පොළිමක් (Photos)

colombotoday

ඉන්ධන රැස්කළ 1,321 ක් අත්අඩංගුවට

colombotoday

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

colombotoday

කොටි ඩයස්පොරාව යහපාලන රජය සමග හිටගනී.. දැයක අභිමන් පෙන්වූ බ්‍රිගේඩියර්ව දඩුකදේ ගහන්න ඉල්ලයි..

colombotoday