Colombo Today Local News

ජනපති ගෝඨාභය රාජපක්ෂ සහ රාජ්‍ය නායකයන් අතර සාකච්ඡා

වෙළෙඳ , සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමග සාකච්ඡා කර තිබේ.

ඒ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනාධිපතිවරයා, බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා සමග සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුළ රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ එහිදි අවධානය යොමුවූ බවයි.

මේ අතර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ්, ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා හමුවී ඇත්තේ ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේදීයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහය වන බව ඇය එහිදි ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

මීට අමතරව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි, ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් ද හමුවු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.

Related posts

මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා.. පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරයි

colombotoday

ෆෙඩරල් පාලනයක් ඇති කරන්න මේ ආණ්ඩුවට ජනවරමක් නෑ.. ෆෙඩරල් ඊළාම් සිහිනයේ පළමු පියවරයි

colombotoday

“ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුවුවහොත් ඉන්ධන බෙදීමෙන් ඉවත් වෙනවා”

colombotoday

මාරවිල, තොඩුවාවේදී මත්ද්‍රව්‍ය කිලෝ 200ක් සොයාගනී

colombotoday

“පුනර්ජනනීය බලශක්තිය” විදුලිබල පද්ධතියට කඩිනමින් එක් කිරීමේ හැකියාව ජනපති සොයා බලයි…

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday