World

[Video] ඇමරිකානු ජනපති ඔබාමා යන යන තැන රැගෙන යන කුඩා බුදුරුව!

obama barak

අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සිය කළිසම් සාක්කුව තුළ රැගෙන යන දෑ පිළිබඳව හෙළිදරව්වක් කර තිබෙනවා.

ඔබාමා ඒ බව හෙළිදරව් කළේ යූ ටියුබ් ආයතනය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

සිය දේශපාලන දිවිය තුළ විවිධ පුද්ගලයින් විසින් තමාට ලබාදුන් තෑගී මෙලෙස රැගෙන යන බව බැරැක් ඔබාමා ප්‍රකාශ කර තිබෙනවා.

එම සම්මුඛ සාකච්ඡාවේ දී සිය කළිසම් සාක්කුවෙන් අදාළ දෑ පිටතට ගනිමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රදර්ශනය කරනු ලැබුවා.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ විසින් පිළිගන්වනු ලබන කිතුණු නව ගුණ වැලක්, බෞද්ධ භික්ෂු වහන්සේ නමක් විසින් ලබාදුන් කුඩා බුදු පිළිමයක්, කාන්තාවක් විසින් ලබාදුන් හනුමාන් දේවරූපයක් සහ ඉතියෝපියාවේ සංචාරයකදී ලැබුණු කුරුසයක් ද ඒ අතර දක්නට ලැබුණා.

තමන්ට මුණගැසුණු පුද්ගලයින් සහ තමාට ලැබුණු දේවල මතකයේ තබා ගැනීම පිණිස මෙලෙස ඒවා කළිසම් සාක්කුවේ රැගෙන යාම සිදුකරන බවයි අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර ඇත්තේ.

‘මම ජනතාව අමතන විට ඔවුන් යම් යම් දෑ මා වෙත පිරිනමනව.ආශීර්වාද පිණිස සහ සිහිවටන වශයෙන් ළඟ තබා ගන්නා දේවල්. ඔවුන්ගේ ජීවිතේට වැදගත් දේවල්. මම සෑම විටකම ඒවා මා සමග රැගෙන යනවා. දැන් මට මේක පුරුද්දක් වෙලා. ලැබෙන සියල්ල මට රැගෙන යන්න බැහැ. මට මුණ ගැසුණු සහ ඔවුන් මට පැවැසූ දේවල් මතකයේ තබා ගැනීම සඳහා එලෙස මට ලැබුණ දේවල් අතුරින් කීපයක් සෑම විටම මා සමග රැගෙන යනවා. ඉතින් අද මගේ සාක්කුවේ තිබෙන්නේ මේ දේවල්’ ජනාධිපති ඔබාමා සඳහන් කළේය.

‘මට විඩා දැනුණු විටක හෝ අධෛර්යයට වූ විටක මම මගේ සාක්කුව දෙසට අත යොමු කරලා කියනවා, ඔව්.. මට මේකෙන් ගොඩ එන්න පුළුවන්. මට විශේෂ අවස්ථාවක් ලබා දී තිබෙනවා – මිනිසුන්ට බලපාන ගැටලු විසඳීම සඳහා කටයුතු කරන්න. ඒ නිසා මම නැවතත් මගේ රාජකාරියට යා යුතු බව’ ඔබාමා පවසයි.

Related posts

සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝකයක ප්‍රථම වරට ඝන දූවිලි කුණාටුවක් නිරීක්ෂණය වෙයි

Admin

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

අමෙරිකාවේ පළමු ඔමික්‍රෝන් ආසදිතයා වාර්තා වෙයි

colombotoday

තායිලන්ත අගමැති චාන්-ඕ-චාගේ ධුරය අත්හිටුවයි

colombotoday

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday

දිනක් තුල සිදුවූ වැඩිම කොරෝනා මරණ සංක්‍යාව ඊයේ ඇමරිකාවෙන් වාර්තා වෙයි.

colombotoday