Colombo Today Local News

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා අධිබල විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි අද (26)දින සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.

වගාබිමකට වෙනත් පුද්ගලයකුගේ නිවසකින් නීති විරෝධිව ලබා ගෙන තිබු විදුලිය විදුලි අලි වැටකට සම්බන්ධ කර තිබියදි විදුලි සැර වැදි දින ගනනාවකට පෙර එම ස්ථානයෙදීම ඇතා මරණයට පත්ව තිබි ඇති අතර පසුව එම සිද්දිය වසං කිරීමට ඉඩමේ හිමිකරු ඇතුළු තවත් කිප දෙනෙකු ඇතාගේ සිරුර ඉඩමට යාබද ස්ථානයක වළ දමා ඇති බව කියයි.

අදාල සිද්දිය පිළිබදව පුත්තලම වනජීවි කලාප කාර්යාලයට ලැබුන තොරතුරකට අදාළ ඉඩම පරික්ෂා කිරීම සදහා සෝදිසි වරේන්තුවක් ලබා ගැනිමේන් පසුව අදාල ඉඩම පරික්ෂා කිරිමේදි ඇතා වළදමා තිබියදි සොයා ගෙන තිබේ.

සිද්දිය සම්බන්ධයෙන් ඉඩමේ හිමිකරු වනජීවි නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ මහතාගේ උපදෙස් මත ඇතාගේ සිරුර ගොඩ ගෙන පරික්ෂණ කටයුතු කිරීම සිදු කර ඇත.

අධි බල විදුලි ධාරවකින් ඇතා මරණයට පත්ව ඇති බව එහිදි අනාවරණය වී ඇතැයි වනජීවී නිළධාරීහු පැවසූහ.

ඇතාගෙ දළ යුගල වනජීවි භාරයට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

පුත්තලම වනජීවි කලාප කාර්යාලයේ අඩවි ආරක්ෂක සංජීව විරසේකර, කරුවලගස්වැව වනජීවි කාර්යාලයේ තිළිණ දිසානායක මහත්වරුන් සමග වනජීවි නිළධාරින් රැසක් පරීක්ෂණ කටයුතුවලට එක් වූ බව වාර්තාවේ.

Related posts

ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පතිගෙන් සියලුම පොලීසිවලට උපදෙස්

colombotoday

හරිත ආර්ථිකයක් ස්ථාපනයට ජනපති නව නීති ගෙන ඒමට සැරසෙයි

Admin

මෙවර ජයග්‍රහණයෙන් පසු එජාපය වසර 25කට සොලවන්න දෙන්නේ නෑ

colombotoday

රට දීලා මහ බැංකුව කඩපු අයට ගම දුන්නොත් ග්‍රාමීය බැංකුවත් ඉවරයි

colombotoday

සහරාන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකිව තිබියදී රාජකාරිය පැහැර හැරි කාත්තන්කුඩියේ OIC ගේ සාක්ෂිය

colombotoday

දිවයිනේ සියලු පාසල් මැයි 07 දක්වා පාසැල් වැසෙයි.

colombotoday