Colombo Today Local News

එක්නැලිගොඩ බිරියගේ බොරු අතේ පත්තුවෙයි.. ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා නොකළ බව සනාථයි

ශ්‍රි ලංකා යුද හමුදාව ද්‍රවිඩ සිවිල් වැසියන්ට එරෙහිව රසායනික අවි ප්‍රහාර එල්ල කළ බවට අප්‍රකට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ල මුළුමනින්ම අසත්‍ය බව සනාථ වී ඇත.

රාජ්‍ය නොවන සංවිධානයක සහායෙන් පසුගිය සැප්තැම්බර් මස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණි මෙම කාන්තාව ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිතා කළ බවට තම සැමියා විසින් හෙළිදරව් කිරීම නිසා ඔහු ශ්‍රී ලංකා රජයේ හමුදාවන් විසින් අත්අඩංගුවට ගත් බව ‍චෝදනා කර තිබිණි.

එහෙත් ශ්‍රී ලංකා හමුදාව රසායනික අවි භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් ඇය ඉදිරිපත් කර නැති අතර මෙම කත ඉදිරිපත් කළ චෝදනාව ඇමරිකාව සහ ඉන්දියාවද සනාථ කර නැති බව පැවසේ.

මෙම කාන්තාව රසායනික අවි කියන්නේ කුමක්දැයි පවා නොදන්නා බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක්ද පැවසීය.

එහෙත් කොටි සංවිධානය වන්නි මෙහෙයුමේදී තර්මෝබැරික්‌ නමැති තහනම් අවි ද භාවිත කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව රසායනික අවි භාවිතා කළ බවට එක්නැලිගොඩගෙ බිරිය කළ සාවද්‍ය ප්‍රකාශය.

Related posts

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

ජනාධිපතිවරණය මෙම වසේරේ පැවැත්වෙනවාදැයි ස්ථිර නෑ

colombotoday

ජනපති බලන්න බදුල්ලේ සිට ආ පුංචි අමානි (Video)

colombotoday

විජයගේ 36 වන ගුණසමරුව

Admin

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin