Colombo Today Local News

සමගිපුර මහල් නිවාසයේ තුන්වන මහලෙන් විසි කළ දරුවෙක් මරුට

ග්‍රෑන්ඩ්පාස්, සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහලෙන් විසි කිරීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වයස අවුරුදු 1 1/2ක් දරුවෙකු එලෙස මිය ගොස් ඇති බව ය.

දරුවාගේ මවගේ වැඩිමහල් සහෝදරයා විසින් එම දරුවාව අදාළ මහල් නිවාසයේ තෙවන මහලින් පහළට විසි කරනු ලැබ ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත්, දරුවා එලෙස මහල් නිවාසයෙන් පහළට විසි කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

මිය ගිය දරුවාගේ දේහය කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related posts

ස්ටාලින් අමුඩයක් ඇඳගෙන පාසල් පැමිණීම සුදුසුයි.. සාරිය ගලවන්න ස්ටාලින්ට අයිතියක් නැහැ.

Admin

අයි ටී එන් නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

colombotoday

බුද්ධි අංශ ලියුම මම දැක්කේ ෆේස්බුක් එකෙන් – ජනාධිපති

colombotoday

බන්ධනාගාර නියාමකවරයෙකුගේ වැඩ තහනම්

colombotoday

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin