Colombo Today Local News

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනය සඳහා නාවික හමුදාව යාත්‍රාවක් යොදවා තිබේ.

ඒ අනුව පුද්ගලයින් 20 දෙනෙකුට පමණ ගමන් කළ හැකි යාත්‍රාවක් අද (25) උදෑසන සිට යොදවා ඇති බව ‍නාවික හමුදාව පවසයි.

කුරිඤ්ඤන්කර්නි කළපු හරහා යොදා තිබූ පාරුවක් පෙරලීයාමෙන් පෙරේදා පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

තුවාල ලැබූ 20 දෙනෙකු තවදුටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

මේ අතර සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීමට කින්නියා ප්‍රදේශවාසින් අද සිය නිවෙස්වල, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සුදු කොඩි ඔසවා තිබුණි.

නගරයේ වෙළෙඳසල් වසා දමා ඇති ආකාරය ද දක්නට ලැබිණ.

එමෙන්ම කින්නයා නගරයේ පාසල්වලද අද දිස්වුයේ පාළු ස්වාභවයකි.

මේ අතර කින්නියා ප්‍රදේශයේදී පාරුවක් පෙරළීමෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙසැම්බර් 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔවුන් ඊයේ පස්වරුවේ ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා ඊයේ පෙරවරුවේ එලෙස අත්අඩංගුවට ගැනිණ.

Related posts

යහපාලන මාධ්‍ය නිදහස රෙද්දපල්ලෙන් බේරේ – සත්හඩ මාධ්‍යවේදීන් හතර වෙනි තට්ටුවට!!

colombotoday

විශේෂ පාර්ලිමේන්තු සැසිවාර දෙකක් ප්‍රකාශයට පත්කරයි

colombotoday

අමාත්‍යංශ හතරක ලේකම්වරු දොට්ට

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්.. රෝගීන් 20,000 ඉක්මවයි – මරණ 31යි

colombotoday

සහෝදරියන් දෙදෙනෙක් දුම්රියේ ගැටෙයි

colombotoday