Colombo Today Local News

ලංකාවේ ඇඹුල් කෙසෙල් අපනයනය හෙට සිට

ශ්‍රී ලංකාවේ සිට විදේශ වෙළෙඳපොළට අපනයනය කරනු ලබන පළමු ඇඹුල් කෙසෙල් තොගය හෙට (26)දින ඩුබායි වෙත අපනයනය කිරීමට සැලසුම් කර තිබෙන බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ රාජාංගනය ප්‍රදේශයේ අක්කර 500ක වගා කර තිබෙන ඇඹුල් කෙසෙල් මෙසේ පළමුවරට විදේශ වෙළෙඳ පොළට අපනයනය කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

රාජාංගනයේ ඇඹුල් කෙසෙල් අපනයනය කිරීම සඳහා කොළඹ වොක්ෂොල් වීදියේ Development Interplan Ceylon PVT LTD ආයතනයේ පැවැති වැඩසටහනක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඩුබායි ‍වෙත අපනයනය කෙරෙන පළමු තොගය වශයෙන් ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක් අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව මින් ඉදිරියට සෑම සතියකම සෙනසුරාදා ශ්‍රී ලංකා ඇඹුල් කෙසෙල් ඩුබායි වෙළෙඳපොළට අපනයනය කිරීමට කටයුතු යොදා ඇත. එමඟින් සතිපතා ඩොලර් 10,000ක ආදායමක් රටට ලබා දීමට කටයුතු කර ඇතැයි කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ ‍ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි.

Related posts

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

colombotoday

සාමාන්‍ය පෙළ උඩින්ම දිනූ විශිෂ්ඨයෝ මෙන්න

colombotoday

“හැමෝගෙන්ම බැනුම් අහන මේ විදිහේ අයවැයක් හැදීමත් අභියෝගයක්” බන්ධුල කියයි

colombotoday

බැන් කී මූන් අවසන් !.. ජනපති සිරිසේන හෙට ඇමරිකාවට

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක – GMOA

colombotoday

ෆොන් එක කනේ තියන් ගිය ආබාධිත තරුණ‍යෙකුගේ කන කපලා

Admin