Colombo Today Local News

ලෝක වෙළඳපො‍ළේ තෙල් මිල තවත් පහලට.. සහනය ජනතාවට නෑ.. අලුත් මිල සූත්‍රයත් තවම නෑ

ලෝක වෙළඳපො‍ළේ ඉන්ධන මිල සීග්‍ර ලෙස පහල යාමේ වාසිය මෙරට ජනතාවට හිමිවී නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශකර තිබේ.

වසර 11ට පසු ලෝක වෙළඳපොළේ බොර තෙල් බැරලයක මිල ඊයේ අවම අගයක් වාර්තා වූණු අතර එය අමෙරිකානු ඩොලර් 30 ක් පමණ වන බව සඳහන්ය.

ගත වූ මාස 05 තුළ ඉන්ධන මිල 70% ක පමණ පහල යාමක් පෙන්නුම් කර තිබුණ ද ජනතාවට කිසිඳු ආකාරයක සහනයක් ලැබී නොමැති බව පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හදුන්වාදිමට පසුගිය දිනෙක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ද මෙතෙක් අනුමැතිය හිමිවී නොමැති බවද සඳහන්ය .

අදාළ යෝජනාව සඳහා මුදල් අමාත්‍යංශයේ නිර්දේශ ඉදිරිපත් කිරිමට සතියක පමණ කාලයක් අවශ්‍ය බව පසුගිය සතියේ පැවැති කැබිනට් රැස්විමකදීද අනාවරණය වී තිබේ.

Related posts

ජනාධිපති, ආරක්ෂාව සම්බන්ධයෙන් මුකුත් දන්නෙ නැහැ… එයා බයයි !!

colombotoday

75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්

Admin

මේ අපේ ආණ්ඩුවක් නෙවෙයි, මේක අටපට්ටමක්.. කොහොම වුණත් මට ඕන අමාත්‍යාංශයනම් මම ගත්තා

colombotoday

IDH රෝහලෙත් සා.පෙළ විභාග මධ්‍යස්ථානයක්

Admin

2017 වසරේදී පමණක් රුපියල 1.2% බාල්දු වෙලා

colombotoday

බන්ධනාගාර බස් රථයෙන් පැන්න රැදවියන් 4ක් ක්‍ෂණිකව යලිත් අල්ලයි.

colombotoday