Colombo Today Local News

බූස්ටර් එන්නත ගැබිනි මව්වරුන්ටත්

කොවිඩ් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06කට පසු ගර්භණී කාන්තාවකට බූස්ටර් එන්නත ලබාගැනිම සුදුසු බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසයි.

මාස 6කට පසු එන්නතේ ප්‍රතිශක්තිය අඩුවන බැවින් ගර්භණී මවකට වෛරසය වැලඳුනහොත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ගැනීමට සිදුවන බැවින් එය බිළිඳාට ද බලපා හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙති.

“ඉතාම සුළු කොටසක් මව්වරුන් ඉන්නවා පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව අරගෙන ගර්භණී කාලය මාස 6ය ඉක්මවු මව්වරුන් ඉන්නවා. එවැනි මව්වරුන්ට දෙවැනි මාත්‍රාවේ ඉඳලා මාස 6කට පසුව ප්‍රතිශක්තිය අඩුවෙන්න පටන් ගන්නවා එන්නතේ. එතනින් පසුව මේ මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැලඳුනොත් ඒ අයට දැඩිසත්කාර ඒකකයේ ඉන්න වෙන අවස්ථාව වැඩි වෙනවා. කොවිඩ් නියුමොනියාවට යන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. නොමේරු දරු උපත් සිදුවෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. මළ දරු උපත් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා ඒ සියලුම අවධානම් තත්ත්වයෙන් මඟ හැරෙන්නට තමයි මේ දෙවන එන්නත අරගෙන මාස 6කට පසු වෙන්න ඉන්න මව්වරු ඉන්නවා නම් මේ බූස්ටර් එන්නතක් ලබා ගන්න සුදුසු වෙන්නේ.”

Related posts

ETCA අවසන් ගිවිසුම හදන්න අගමැති රනිල් ඉන්දියාවට..

colombotoday

රාජ සභා මණ්ඩපය ඩෝසර් කිරීම: කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසක් අධිකරණයට කැදවයි

colombotoday

නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මගහරී… ඥාණසාර හිමිට ඇප නොලැබේ…

colombotoday

‘අන්තර්ජාලෙන් මාව පට්ට ගහපුවාවේ, සංස්කෘතිය වනසන්න ඉඩ තියන්නෙ නෑ’ – ජනපති

colombotoday

මානව හිමිකම් කොමසාරිස්‌ගේ කැකිල්ලේ ‘හයිබ්‍රිඩ්’ තීන්දුව මෙන්න!

colombotoday

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන තනතුරෙන් ඉවතට ? පන මදි ලොක්කෝ රැසකට තනතුරු අහිමි වෙයි ?

colombotoday