Colombo Today Local News

වියළි ආහාර මල්ල ගන්න ගිය නැන්දම්මා බෑණාගේ පිහිපහරින් මරු දකී

බෑණාගේ නමින් ඇති වියළි ආහාර ආධාර මල්ලක් ලබා ගැනීමට යාමේ දී ඇති වු ආරවුලක් මත බෑනා සිය බිරිඳට සහ නැන්දම්මාට එල්ල කළ පිහි පාරකින් නැන්දම්මා මියගොස් ඇතැයි තෙරිපැහැ පොලීසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ (27) හැවිරිදි බෑනා සැඟව සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මරණකාරියගේ දියණිය සිය සැමියාගෙන් වෙන්වී මව සමග මවගේ නිවසේ ජීවත්ව සිට ඇති අතර, ආර්ථික අපහසුතා වෙනුවෙන් රජය මගින් ලබාදෙන වියලි ආහාර මල්ලක් ලබාගැනීමට තෙරිපැහැ හෙලගම ග්‍රාම නිලධාරී නිලධාරි කාර්යාලයට ගිය අවස්ථා වේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලීසිය කියයි.

සැකකරුගේ නමින් ඇති අධාර මල්ලක් මව සහ දියණිය ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී බෑනා සමඟ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ඔහු සඟවා ගෙන සිටි පිහියෙන් මවට සහ දියණියට පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි.

පිහිපහරින් බරපතළ තුවාල ලැබූ මව සහ දියණිය තෙරිපැහැ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (50) හැවිරිදි මව මියගොස් ඇත.

Related posts

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

කොටින්ට විරුද්ධ සටනේ සයුර ජයගත් වීරයා සෙන්පති කරන්නාගොඩ බිලි දෙන්නේ ඇයි?

colombotoday

වැලිගම හෝටලයක පිපිරීමක්

colombotoday

රනිල්ගේ ඉත්තෙක් වුන මානප්පෙරුම

Admin

ප්‍රධාන ජාතික පාසල් සදහා නව විදුහල්පතිවරු පත් කෙරේ

colombotoday

වෙන්න ගිය විනාශයෙන් රට බේරා ගත්තේ මමයි – රංගේ

colombotoday