Colombo Today Local News

ගෙදර අවුල් විසදගන්න රාජිත සෞඛ්‍ය සේවය බිල්ලට දීලා.. GMOA රාජිතට එරෙහිව නඩු යයි

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට රජයේ රෝහල්වල සායනියක පුහුණුව ලබාදීමට එරෙහිව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ඉදිරි සතිය තුළ නීතිමය පියවර ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා මේ බව කියා සිටියේය.

ගෙදර ප්‍රශ්න විසදාගැනීම සදහා කිසිවෙකුට බලය දී නැතිබවද පසුගිය ආණ්ඩුව සමයේ කළ දේවල් යළින් නොකිරීමට වගබලා ගන්නා ලෙසද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රාජිත ඇමතිවරයාට ප්‍රකාශ කළා.

පසුගිය දිනවල පලවූ මාධ්‍ය වාර්තාවලින් කියවුණේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ලේලිය මාළඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යලයේ ශිෂ්‍යාවක් වන බැවින් ඔහු එම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවේන් පෙනී සිටින බවයි.

Related posts

දියතලාවේ බස් රථයක් ගිනි ගැනීමට හේතුව අගමැති පාර්ලිමේන්තුවේදී කියයි

colombotoday

විඩාවට පත් චීන ජනතාවට ලංකාවෙන් පරිත්‍යාගයක් !

colombotoday

විදෙස් ගත සිසුන් ලංකාවට – මුලින්ම දකුණු ආසියානු රටවලින්

colombotoday

කල් ඉකුත් වූ වී මිලදී ගෙන ගබඩා කෙරු නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි

colombotoday

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday