Colombo Today Local News

පැමිණිල්ලක් කරන්න ගිය කතකගේ ඇඟිලි කැඩෙන්න ගහලා.. රාගල පොලිස් මුරපොළකින් අංගුලිමාල අභ්‍යාසයක්

පැමිණිල්ලක්‌ කිරීම සඳහා රාගල බෲක්‌ සයිඩ් පොලිස්‌ මුරපළට ගොස්‌ රාගල පොලිසියේ දුරකථන අංකය ඉල්ලා සිටි කාන්තාවකට එහි නිලධාරින් සිදු කළ පහරදීමකින් ඇගේ එක්‌ අතක ඇඟිලි දෙකක්‌ කැඩී නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

රෝහල්ගත කිරීමෙන් පසු ඇගේ එක්‌ ඇඟිල්ලකට ශල්‍ය කර්මයක්‌ සිදු කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ සඳහන් කළේය. ඩබ්. ආර්. ද සිල්වා නමැති රාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාව ඉකුත් 08 වැනිදා කිසියම් කාර්යයකට බස්‌ රථයකින් නුවරඑළිය නගරයට ගොස්‌ ඇත.

එහිදී ඇය බස්‌ රථයේ කොන්දොස්‌තරවරයාට ලබා දුන් රුපියල් දහසට අදාළ ඉතිරි මුදල් ලබා නොදීමේ සිද්ධියක්‌ මුල් කර ගනිමින් නුවරඑළිය නගරය මැද බිම වාඩි වී විරෝධතාවක යෙදී තිබේ.

මේ අවස්‌ථාවේ එහි පැමිණි කාන්තා පොලිස්‌ නිලධාරිනියක සහ තවත් කාන්තාවන් දෙදෙනකු එක්‌ව ඇය ත්‍රිරෝද රථයක නංවාගෙන ඇගේ නිවසට ගොස්‌ ඇරලවා ඇති අතර ඉන් උරණ වූ කාන්තාව පසුදා පැමිණිල්ලක්‌ කිරීම සඳහා බෲක්‌සයිඩ් පොලිස්‌ මුරපොළට ගොස්‌ රාගල පොලිසියේ දුරකථන අංකය ඉල්ලා ඇත.

එහිදී ඇති වූ බහින්බස්‌ වීමකදී පොලිස්‌ මුරපළේ සිටි නිලධාරින් තමන්ට පහර දුන් බව එම කාන්තාව නුවරඑළිය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත.

මේ සම්බන්ධයෙන් රාගල පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදි එම කාන්තාව රෝහල් පොලිසියට සිදු කළ පැමිණිල්ලට අනුව විමර්ශනයක්‌ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

දිවයින

Related posts

මැතිවරණ කොමිසමේ තීරණාත්මක හමුවක්

Admin

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

අගමැති යටතේ ඇති නීතිපති දෙපාර්තමේන්තුව ජනපති යටතට ?

colombotoday

ගණිතයෙන් කොළඹ, කලාවෙන් වාණිජයෙන් කුරුණෑගල, විද්‍යාවෙන් ගම්පහ, ලංකාවෙන්ම එකට ආ දක්ෂයෝ මෙන්න

colombotoday

බැඳුම්කර වංචාවට වගකිව යුත්තේ රවී පමණද? රනිල්, මලික්, කබීර් ට චෝදනා නැද්ද ?

colombotoday

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම් – ජනපති

Admin