Colombo Today Local News

කූඩුවේ ඉදන් රන්ජන් කථා කරන බඩු මාට්ටු

රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාදීම සඳහා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ සිට ඔහු වෛද්‍ය උපදෙස් මත දණහිසේ ආබාධයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට ඉදිරිපත් කිරිම සදහා 2021.11.10 වන දින කොළඹ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකෙරුණි.

ඊයේ (21) රාත්‍රී 10ට පමණ බන්ධනාගාර රෝහලේ රාජකාරියේ නිරත නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක් කළ අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජංගම දුරකථනයක් සහ හෑන්ඩ් ෆ්‍රී එකක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් සැකකාර හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකර බන්ධනාගාර ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට මුද්‍රා තබයි..

Admin

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න. පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ

colombotoday

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday

කඳුකර කොටියෙක්ට අදත් දිවි අහිමි වෙයි

colombotoday

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමක්

Admin