Colombo Today Local News

භාණ්ඩ හා නිෂ්පාදන 5කට උපරිම සිල්ලර මිලක්

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩ හා නිෂ්පාදන පහක් සඳහා උපරිම සිල්ලර මිල සඳහන් කළ යුතු බවට නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ආනයනය කරනු ලබන රසකැවිලි, චොකලට්, බිස්කට්, කේක් සහ සුවඳ සබන් සඳහා උපරිම සිල්ලර මිලක් සඳහන් කළ යුතු බවට නිවේදනය කර ඇත.

ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්.

එම භාණ්ඩ දිවයිනට ඇතුළු වන ස්ථානයේදීම අදාළ ආනයනකරු විසින් භාණ්ඩය මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉදිරිපත් කරන ලද ප්‍රකාශිත උපරිම සිල්ලර මිල, ආනයනකරුගේ නම සහ ලිපිනය ඉංග්‍රීසි භාෂාවෙන් පැහැදිලිව සඳහන් කළ යුතු බව අදාළ ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.

Related posts

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

colombotoday

රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති වුනොත් තේරෙයි මෙ පදවිය කෙතරම් දුෂ්ටද කියලා – සරත් විජේසූරිය

colombotoday

“මංතීරුව හදල තියන්නේ අනවසරයෙන්.. ලොකු ගාණක් යටිමඩි ගහලා.. මං ඒක කැඩුවා” – ජෝන් ඇමති

colombotoday

මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගෙන් ප්‍රශ්න කිරීමට ජාත්‍යන්තර යුද අධිකරණය සැරසේ

colombotoday