Colombo Today Local News

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණයක්

ගැබිණි මව්වරුන් යළි රාජ්‍ය සේවයට කැඳවීමට තීරණය කර තිබේ.

යම් සීමාවන්ට යටත්ව ඔවුන් සේවයට කැඳවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කරයි.

අදාළ කැඳවීම් ඒ ඒ ආයතන අවශ්‍යතා මත සිදුකළ යුතුයි.

ඇතැම් ආයතන පවත්වාගෙන යාමේදි මතුවන ගැටලු පිළිබඳ අවධානය යොමු කර එම තීරණයට එළැඹි බව ලේකම්වරයා සඳහන් කරයි.

මේ අතර, අමාත්‍යාංශ මට්ටමින් සිදුවන මහජන දින යළි පැවැත්වීම ද සීමාවන්ට යටත්ව සිදු කෙරෙයි.

අවශ්‍යතාව මත දින හා වේලාවක් වෙන් කර ගැනීමෙන් පසු අමාත්‍යාංශ නිලධාරීන් හමුවීමට ජනතාවට අවස්ථාව සැලසෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

Related posts

අද සිට විදුලි කප්පාදුව අත්හිටුවයි

Admin

වගා හානි කරන දඬුලේනා ජාතික සත්වයාගෙන් ඉවත් කරන්න යයි

colombotoday

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

ජිනීවා අවුලෙන් වමත් ඇවිලෙයි – කොමියුනිස්ට් පක්ෂයේ ජාතික සංවිධායකත් අස්වෙයි

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday