Colombo Today Local News

විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතට

විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අද (2)දින උපදෙස් දී තිබේ.

ඒ අනුව එලෙස බාධා ඇති වීමට තුඩු දුන් චක්‍රලේඛය වහාම අහෝසි කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

එම කාර්යාලය පවසන අන්දමට මෙම විවිධ සීමා පැනවී තිබුණේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරුණු 2021 අංක 18 දරණ චක්‍රලේඛයෙනි.

අගමැතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේදී අද (2) පෙරවරුවේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.

Related posts

ජනපති දෙන්න කියූ අක්කර 30ක තෑග්ග ගැන කොටස් වෙළෙඳපොළ කරුණු විමසයි

Admin

සුපිරි වෙළඳ සැල් සඳහා මත්පැන් බලපත්‍ර විශාල ප්‍රමාණයක්. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විස්තර ඉල්ලයි.

colombotoday

රටක් කාන්තාවට සලකන ආකාරය සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයක්

colombotoday

සංධානයේ බලය පෙරලා එජාපයට බලය ලබා දුන්නේ ජනපති මෛත්‍රීයි – හරීන් කියයි

colombotoday

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday