වී අලෙවි මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන නීල් ද අල්විස් මහතා ඒ සදහා පත් කළ බවයි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍යවරයාගේ උපදේශක තනතුර සදහා එම්.ඩී. රංජනි ජයකොඩි මහත්මිය පත් කර තිබේ.
පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වූ ඇය ප්‍රාදේශීය සභා ලේකම්වරියක, අධ්යක්ෂ ජනරාල්වරියක හා පළාත් ප්‍රධාන ලේකම්වරියක ලෙස කටයුතු කර ඇත.