27 C
Colombo
6 April 2025
Colombo Today Local News

ලංකාව විශාල ආරක්ෂක අවදානමක.. චීනයෙන් අනතුරු ඇඟවීමක්

ඉන්දියන් සාගරයට න්‍යෂ්ටික සබ්මැරීන නිතර ඇතුළුවීම, න්‍යෂ්ටික අවි තරගය උත්සන්න වීම, ඇතැම් අධිපතිවාදීන් කල්ලි ගැසී කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ රටවලට පැත්තක් ගැනීමට බල කිරීම යන කරුණු හේතුවෙන් ඉන්දියානු සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවට විශාල ආරක්ෂක අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බව චීනය ප්‍රකාශ කරයි.

කොළඹ චීන තානාපති ෂී ෂෙන්හොං විසින් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය අතර ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක ගිවිසුම (AUKUS) පිළිබඳව සම්පාදනය කර ඇති ලිපියක් මගින් මේ බව පෙන්වාදී ඇත.

එබැවින්, කලාපීය සාමය සහ ස්ථාවරත්වය බරපතළ ලෙස හෑල්ලු කරන, ආයුධ තරගය වේගවත් කරන, සහ අන්තර්ජාතික න්‍යෂ්ටික අවිහරණ ප්‍රයත්නයන් අඩපණ කරන එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල මෙම නරක හැසිරීම කෙරෙහි අන්තර්ජාතික ප්‍රජාව, විශේෂයෙන් කලාපීය රටවල් දැඩි අවධානයක් යොමු කළ යුතු අතර අධිෂ්ඨානශීලීව ඊට විරුද්ධ විය යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

ලෝකය න්‍යෂ්ටික අවිවලින් නිදහස් කිරීම සඳහා න්‍යෂ්ටික අවි තහනම් කර, කාලයත් සමග මුළුමනින්ම විනාශ කළ යුතු බව චීනය විශ්වාස කරන බවත්, චීනය සෑම විටම සිය න්‍යෂ්ටික බලය ජාතික ආරක්ෂාවට අවශ්‍ය අවම මට්ටමින් පවත්වා ගෙන ගොස් ඇති බවත් එම ලිපියෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

Related posts

පරිපාලන නිලධාරිනියක් පිහි ඇනුමකින් මරුට

colombotoday

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

ISISට ගහගන්න බැරි සුද්දෝ ශ්‍රී ලංකා හමුදාව පුහුණු කරන්නට ඉල්ලීම විහිළුවක් නොවන්නේද?

colombotoday

ජවිපෙ හත්පොළේ ගාගෙන.. අපි සමාව ගත්තේ නෑ.. හඬ පටය බොරුවක්

colombotoday

2016 විමධ්‍යගත මුදල් සත පහක් තවම දීල නෑ.. අද අපට වැඩ කරන්න සල්ලි නෑ – රෝෂාන් රණසිංහ

colombotoday

“ගිය ආණ්ඩුවට චෝදනා කරනව හැරෙන්නේ මේ ආණ්ඩුව කිසි දෙයක් කරල නෑ.. මාත් කලකිරිල ඉන්නේ” – ඇමති යාපා

colombotoday