Colombo Today Local News

ජාත්‍යන්තර කාන්තා දිනය අද

ජාත්‍යන්තර කාන්තා දිනය අද (08 වැනිදා) යි. මෙවර තේමාව වන්නේ ‘රටකි දැයකි ලොවකි ඇය’ යන්නය. එහි ප්‍රධාන උත්සවය අගමැති මහින්ද රාජපක්ෂගේ සහ ශිරන්ති රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද පෙරවරු 8.30ට පැවැත්වේ. සවස 6.30ට ‘අම්මාවරුනේ ‘ සංවාදශීලී වැඩසටහන පැවැත්වෙයි.

කාන්තාවන් වෙනුවෙන් වන වැඩසටහන් දිවයින පුරා මාසයක කාලයක් පැවැත්වීමට කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන අතර එම වැඩසටහන් අවසන් කෙරෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙනි.

මේ යටතේ සියලුම පළාත්වල දී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බව අමාත්‍යාංශය පවසයි.

Related posts

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

Admin

STF කඳවුරු 3ක් හුදකලා කරයි

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

මෙක්සිකෝවේදී චීන ජාතිකයින් 8 දෙනෙකුගේ සිරුරු හමුවේ

Admin

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday