Colombo Today Local News

වසර 19කට පෙර කළ අපහාසයට තිලංගට කෝටි දෙකහමාරක් ගෙවන්න අර්ජුනට නියෝග

මීට වසර 19කට පෙර මාධ්‍ය හමුවක් පවත්වා සිදුකළ අපහාසයක් වෙනුවෙන් හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට රුපියල් කෝටි දෙකහමාරක වන්දියක් ගෙවන ලෙස ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය හිටපු අමාත්‍ය අර්ජුන රණතුංගට ඊයේ (17)දින නියෝග කර් ඇත.

අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් වන හර්ෂ සේතුංග හා තුසිත දේවප්‍රිය ගුණවර්ධන යන විනිසුරු මඩුල්ල මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

අර්ජුන රණතුංග කළ ප්‍රකාශයෙන් තිලංග සුමතිපාලට අගතියක් හා අපහාසයක් සිදුව ඇති බව කරුණු සලකා බැලීමෙන් තහවුරු වන බව විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර තිබේ.

ටෙලිකොම් සභාපති ධූරය ඇතුළු කිසිදු තනතුරක් දැරීමට තමා සුදුසු පුද්ගලයෙකු නොවන බව සඳහන් කරමින් හිටපු ක්‍රිකට් නායක හා හිටපු අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග 2003 වසරේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තමන්ට කළ අපහාසය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් මිලියන 500ක මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා හිටපු ක්‍රිකට් සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනා මහාධිකරණය එසේ නියෝග කර තිබේ.

පැමිණිලිකාර තිලංග සුමතිපාල වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවීන් මාරපන හා තනුජ මීගහවත්ත, විජිත මීගහවත්ත යන නීතිඥවරුන් පෙනී සිට ඇති අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ අතුල හේරත් පෙනී සිට ඇත.

Related posts

“ව්‍යාජ අරගලයට මුවාවී සිංහල බෞද්ධ ජන මතයට අත නොතබනු” නෙළුම් පොකුණේ සිට පා ගමනක්

colombotoday

දුමින්ද, ලසන්ත, මහින්ද ඉවත් කිරීමට විරුද්ධව අතුරු තහනමක්

Admin

අධිකරණයට අපහාස කළ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට වසර 4ක සිර දඬුවමක්

Admin

ජනාධිපති කාර්යාලයේ ඉල්ලීම මත්පැන් සමාගම් ප්‍රතික්ෂේප කරයි

Admin

හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් 4ක් අත්අඩංගුවට

colombotoday

විගණකාධිපතිගෙන් තද ප්‍රකාශයක්.. “ෆුට් නෝට්“සෙට් එක හාන්සියි.. කටඋත්තර නැතිවෙන ප්‍රශ්න තුනක් අසයි

colombotoday