Colombo Today Local News

යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු තිදෙනෙක් රිය අනතුරකින් ජීවිතක්ෂ‍යට

ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ රාත්‍රී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් අනුරාධපුර සහ ගල්ගමුව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් පස්දෙනෙකු මෝටර් රථයේ ගමන් කර තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ සාලියපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ යුද හමුදා මේජර්වරයෙකු සහ නොච්චිය වන්නිකුඩාවැව ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්ගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් ගැන දැනුම්දීමක්

Admin

මුස්ලිම් මන්ත්‍රීවරු අගමැතිට එරෙහි වෙයි

colombotoday

විදුලි බිලක් ගෙවීමට ඇතැයි අසත්‍ය ප්‍රචාර දියත් කරන්නන්ට එරෙහිව නාමල් නීති මාර්ගයට

Admin

ගම්පහ දැවැන්ත පිපිරීමක්

Admin

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

රතුපස්වල වැසියන්ගෙන් හිටපු ජනපති මහින්දට විරෝධයක් !

colombotoday