Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයේ නවක නේවාසික නර්තන ශිල්පීන් කලඑලි බසී

වැලිකඩ බන්ධනාගාර නවක නේවාසික නර්තන ශිල්පීන් දසදෙනෙකුගේ හිස ‍වෙස් පැළඳවීමේ මංගල්‍යයමේ මස 5වන දින සිදුව ඇත.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳවියන්ගේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පුළුල් කරමින් රැඳවියන් යහපත් පුද්ගලයෙකු ලෙස හැඩගැස්වීම සඳහා නොයෙකුත් ආධ්‍යාත්මික, ආගමික හා සංස්කෘතික වැඩසටහන් සිදු කරනු ලබයි. එහි එක් පියවරක් ලෙස රැඳවියන් උදෙසා විවිධ සංස්කෘතික වැඩසටහන් තුලින් ඔවුන්ගේ සහජ කුසලතා එලිදැක්වීමට කටයුතු කරයි.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ ආරම්භ කර ඇති නේවාසික උඩරට නර්තන කණ්ඩායමේ නවක නේවාසික නර්තන ශිල්පීන් වෙස් පැළඳවීම පාරම්පරික චාරිත්‍රානුකූලව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන්, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (පාලන,මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක මහතාගේ සහභාගීත්වයෙන් වැලිකඩ බන්ධනාගාර එලිමහන් රංග පීඨයේදී අලංකාරවත් අන්දමින් සිදු කර තිබේ.

ම‍ෙම නර්ථන ශිල්පීන් පුහුණු ‍කිරීම බන්ධනාගාර පුනරුත්තාපන අංශ‍‍යේ නිලධාරීන් හා පුහුණු ‍නේ‍වාසික නර්ථන ශිල්පීන් විසින් සිදුකර ඇත. සාම්ප්‍රදායික නර්ථන ශිල්පීන් ලෙස කලඑලි බැසීමෙන් පසු ඔවුන්ට රැකියා අවස්ථාවන් මෙන්ම නර්ථන ශිල්පීන් ලෙස සමාජගතවීමටත්, සමාජයේ යහපත් ප්‍රතිරූපයක් ලබාගැනීමටත්, කලාව ප්‍රචලිත කිරීමට ද රැඳවියන්ට හැකිවනු ඇත.

මෙම විශේෂ අවස්ථාව සදහා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය පිඨයේ කථිකාචාර්ය නීල් සේනානායක මහතා, සිරකරු සුභසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන් හා නේවාසික නර්ථන ශිල්පීන්ගේ ඥාතීන් ඇතුළු බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී ඇත.

Related posts

බැදුම්කර ගනුදෙනුව ගැන සොයන්න විශේෂ ජනාධිපති කොමිසමක් !

colombotoday

වවුචර් ක්‍රමය නවතී – පාසල් සිසුන්ට නැවතත් නිල ඇඳුම් රෙදි

colombotoday

ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිගේ නිරීක්ෂණයට

colombotoday

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

නව බද්දක් නිසා බැංකු පද්ධතිය අවධානමේ

Admin